දරුවා ක්ලාස් එකේද? බිච් එකේද? හෝල් එකේද?
පංති යන මුවාවෙන් අයාලේ ගිය දරුවන් ගැන තොරතුරු නිතර අසන්නට ලැබේ. විශේෂයෙන්ම ඉරිදා සෙනසුරාදා දිනනවල ප්‍රධාන නගර ආශ්‍රිත ලැඟුම්හල් ලාබාල දරුවන්ගෙන් පිරෙන බව බොහෝ දෙනා පවසයි. පංති යන මුවාවෙන් අනාචාරයේ යෑම් බහුල බවට තොරතුරු වාර්තා වෙන වකවානුවක ඊට වැට බැදීමට සහ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නවතම ඉලෙක්ටේරා්නික් නිර්මාණයක් හඳුන්වා දී තිබේ. චමින්ද කණ්ඩම්බි මෙම ඉලෙක්ටේරා්නික් කාඩ්පත හඳුන්වාදුන් නියමුවාය. මේ ඔහු සමඟ කළ කෙටි සංවාදයයි.
